2020.10.06 දිනැති අංක 2196/27 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව ආණ්ඩුවේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කළ හැක්කේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්යවරයෙකුහට පමණි.
පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් කෙටුම්පත් කළ පසුව, එය නීතිපතිවරයා වෙත යොමුකළ යුතු අතර, නීතිපතිවරයා විසින් එහි අන්තර්ගත කරුණුවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කරනු ඇත.
නීතිපතිවරයාගේ සහතිකය ලබාගත් පසු, පනත් කෙටුම්පත අනුමැතිය පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද පසු, අදාළ අමාත්‍යාංශය විසින් පනත් කෙටුම්පත ගැසට් පත්‍රයෙහි පළ කිරීමට කටයුතු කළ යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව අනුව,
“සෑම පනත් කෙටුම්පතක්ම පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට යටත් පිරිසෙයින් දවස් හතකට (07) පෙර ගැසට් පත්‍රයේ පළ කළ යුත්තේය."
ඉනික්බිතිව පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.
එතකුදු වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව අනුව පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මකවන අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබා දෙන තෙක් හෝ ඒ යොමු කිරීමේ නැතහොත් පෙත්සමේ දින සිට සති තුනක කාල සීමාවක් ඉකුත්වන තෙක් හෝ යන මෙයින් පළමුව එළඹෙන දිනය තෙක් ඒ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කිසිම පියවරක් නොගත යුත්තේය.
පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පහත සඳහන් ලිපිලේඛන ඉදිරිපත් කළ යුතුය.
2020.10.06 දිනැති අංක 2196/27 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව ආණ්ඩුවේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කළ හැක්කේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්යවරයෙකුහට පමණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ හෝ වෙනයම් පනතක් යටතේ පනවන ලද නියෝග/ රීති/නියමයන් පහත කවර හෝ කාණ්ඩයක් තුළට ඇතුළත් වේ.
2020.10.06 දිනැති අංක 2196/27 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව ආණ්ඩුවේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කළ හැක්කේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්යවරයෙකුහට පමණි.
පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වන සියලු යෝජනා/තීරණ සඳහා අමාත්‍ය මණ්ඩලයේ පුර්ව අනුමැතිය ලැබිය යුතුය.
යෝජනා සම්මතයක්/තීරණයක් අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී පහත දැක්වෙන ලේඛන මෙම කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.
2020.10.06 දිනැති අංක 2196/27 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව ආණ්ඩුවේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කළ හැක්කේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්යවරයෙකුහට පමණි.
යම් අනපේක්ෂිත වියදමක් සඳහා අමතර මුල්‍ය ප්රතිපාදනයක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය අපේක්ෂා කරන කවර හෝ අමාත්‍යාංශයක් පළමුවෙන්ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන මුදල් රෙගුලාසි 74 ප්‍රකාරව පරිපුරක ඇස්තමේන්තුවක් වශයෙන් ස්වකීය ඉල්ලීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී, සභානායක ලේකම් මගින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතුය.
අතිගරු ජනාධිපතිවරයාගේ විෂය පථයට සෘජුවම ගැනෙන කවර හෝ විෂය කරුණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අවස්ථාවක දී, ඒ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළ යුත්තේ ගරු අග්‍රාමාත්‍යවරයා විසිනි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුව පවත්නා ආණ්ඩුවේ කටයුතු පිළිබඳ එබඳු විෂයයන් සම්බන්ධයෙන් පහත සඳහන් කාර්ය පටිපාටිය අනුගමනය කළ යුතුය:
ඉහත දක්වා ඇති මුද්‍රිත පිටපත්වලට අමතරව, භාෂාත්‍රයෙන්ම PDF කර විධිමත්ව ගොනු තුනක් (Folders) ලෙස සැකසූ මෘදු පිටපත් ඇතුළත් සංයුක්ත තැටි දෙකක් (02) ද ඉදිරිපත් කළ යුතුය.1
(අදාළ ස්ථානවල ප්‍රධාන ගණන්දීමේ නිලධාරී, ගණන්දීමේ නිලධාරී සහ අදාළ අනෙකුත් නිලධාරීන් අත්සන් කර තිබිය යුතුවේ.)
පිටත කවරයේ කවරයේ ආදර්ශ සැකැස්මක් ඇමුණුම 1 මඟින් දක්වා ඇත.
ඉහත දක්වා ඇති මුද්‍රිත පිටපත්වලට අමතරව, භාෂාත්‍රයෙන්ම PDF කර විධිමත්ව ගොනු තුනක් (Folders) ලෙස සැකසූ මෘදු පිටපත් ඇතුළත් සංයුක්ත තැටි දෙකක් (02) ද ඉදිරිපත් කළ යුතුය.1
පිටත කවරයේ කවරයේ ආදර්ශ සැකැස්මක් ඇමුණුම 1 මඟින් දක්වා ඇත.
ඉහත දක්වා ඇති මුද්‍රිත පිටපත්වලට අමතරව, භාෂාත්‍රයෙන්ම PDF කර විධිමත්ව ගොනු තුනක් (Folders) ලෙස සැකසූ මෘදු පිටපත් ඇතුළත් සංයුක්ත තැටි දෙකක් (02) ද ඉදිරිපත් කළ යුතුය.1
(එම ලිපියේ යථෝක්ත ගිවිසුම/එකඟතාව ඉදිරිපත් කිරීමේ දි එය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ යුතු ද සභාගත කළ යුතුද යන්න පැහැදිලිව සඳහන් කළ යුතුය.)