පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

பாராளுமன்றத்தின் சபை முதல்வரின் அலுவலகத்தின்

OFFICE OF THE LEADER OF THE HOUSE OF PARLIAMENT

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායකතුමා

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ වැඩකටයුතු තීරණය කිරීම පැවරී ඇත්තේ ආණ්ඩුවේ මෙන්ම පාර්ලිමේන්තුවේද ප්‍ර‍මුඛ පුද්ගලයෙකු වන පාර්ලිමේන්තුවේ සභානායකවරයා වෙත ය. සභාව තුළ ආණ්ඩුවේ වැඩකටයුතු, විශේෂයෙන්ම ව්‍යවස්ථාදායකයේ වැඩසටහන පිළියෙල කිරීම ඔහු සතු රාජකාරිය වේ. හෙතෙම ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරයෙක් ද වේ. කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සභානායක ලෙස කරනුයේ අග්‍රාමාත්‍යවරයා ය. එම පත්කිරීම කථානායකවරයාට දැනුම් දෙන අතර කථානායකවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විධිමත් නිවේදනයක් ප්‍ර‍කාශයට පත් කරයි.

සභානායකවරයාගේ වැදගත්කම රඳා පවතින්නේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු වලදී ඔහු ඇති කරන බලපෑම මතය. සිදුකළ යුතු ආණ්ඩුවේ වැඩ කටයුතු සඳහා දින යෝජනා කර එවැනි වැඩ කටයුතු වල ප්‍ර‍මුඛතාව ලැබිය යුතු කරුණු තීරණය කරන්නේ ඔහුය.

පාර්ලිමේන්තු කටයුුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙකු වන සභානායකවරයා එහිදී පාර්ලිමේන්තුව රැස්වන සතියේ තාවකාලික වැඩසටහන ද යෝජනා කරයි. එක් එක් මාසයේ පළමු රැස්වීම් සතියේ සිකුරාදා දින රැස්වීමේදී හැර අනෙකුත් හැම රැස්වීම් දිනකම ආණ්ඩුවේ වැඩකටයුතු ප්‍ර‍මුඛස්ථානය ගනී. රැස්වීම් පැවැත්වෙන සතියේ තාවකාලික වැඩසටහන සභානායකවරයා විසින් පිළියෙල කරනු ලැබීමෙන් පසු කථානායකවරයා මුලාසනය දරන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඔහු එය එකඟත්වය සඳහා දැනුම් දෙයි. ඒ සඳහා එකඟත්වය පළවු පසු එම වැඩසටහන ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ සංවිධායකවරුන් තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට කල් තබා දැනුම් දේ.

එක් එක් දින සභාවේ කටයුතු ආරම්භයේදී පටිපාටිය සම්බන්ධ යෝජනා, සභාව කල්තැබීමේ යෝජනා සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ ඔහුය. පාර්ලිමේන්තුවේ බෙහෙවින් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන හෙතෙම සභාවේ පරිචය හා ක්‍රියා පටිපාටිය පිළිබඳ මනා දැනුමක් ඇත්තෙකි. ආණ්ඩුව වෙනුවෙන් කථානායකතුමාට උපදෙස් දීම සඳහා ඔහු සැමවිටම සුදානමින් සිටි. සභාව රැස්වන හැම අවස්ථාවකදී ම සහ විශේෂයෙන්ම වාචික ප්‍ර‍ශ්න ඇසීමේ අවස්ථාවේදී, ඔහු සාමාන්‍යයෙන් සභා ගර්භය තුළ සිටින අතර සිය මෙහෙයවීමෙන් සභාව ඇමතීමේ අයිතිය භුක්ති විඳියි. සම්ප්‍ර‍දායක් වශයෙන්, යම් කරුණක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම දෙපාර්ශවයෙන්ම ප්‍ර‍බල ආකාරයේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධ බලපෑමක් එල්ල වන අවස්ථාවකදී සාමාන්‍යයෙන් සභානායකවරයාගේ අදහස් විමසීම සිදුවේ. සිය එදිනෙදා රාජකාරි කටයුතු වලදී පාර්ලිමේන්තුවේ සභානායකවරයා මුළු සභාවේම ප්‍ර‍කාශකයා මෙන්ම නියෝජිතයා ද වේ.

හෙතෙම පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය සම්බන්ධ කරන තැනැත්තා වන හෙයින් පාර්ලිමේන්තුවේ අවධානය ප්‍ර‍බල ලෙස යොමු වී ඇති කරුණු කෙරෙහි නිරතුරු අවධානයෙන් සිට අදාළ සියළුම කරුණු ආණ්ඩුවට වාර්තා කළයුත්තේ ඔහුය.

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේද සාමාජිකයකු වන ඔහු සියළුම කාරක සභා සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නම් කරයි. එසේම විදේශීය රටවල පැවැත්වෙන විවිධ පාර්ලිමේන්තු සම්මන්ත්‍ර‍ණ, සංචාර ආදීය සඳහා සහභාගී වන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නම් කිරීම ද සිදු කරයි.

හෙතෙම ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ද නිල බලයෙන් සාමාජිකත්වය දරයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ විශිෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්භාවනීය තනතුර දරා ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා අග්‍රාමාත්‍ය තනතුරද හෙබවුහ.

වර්තමාන සභනායකතුමා

Hon. Bimal Rathnayake

වර්තමාන සභානායක ගරු බිමල් රත්නායක මැතිතුමා

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ගරු බිමල් රත්නායක මැතිතුමා 2024 නොවැම්බර් මස 21 වන දින සිට පාර්ලිමේන්තුවේ සභානායක තනතුරේ රාජකාරි සිදු කරනු ලබයි.

සභානායකවරයා යනු රජයේත්, පාර්ලිමේන්තුව තුළත් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ යුතු තැනැත්තෙකි. එතුමා සභාව තුළ රජයේ කටයුතු සංවිධානය කිරීම, විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක වැඩසටහන සකස් කිරීම කරනු ලබන්නේ එතුමා විසිනි. පාර්ලිමේන්තුව හා අමාත්‍ය මණ්ඩලය අතර සබඳතාවය ගොඩ නගනු ලබන්නේ සභානායකවරයා විසින් වන බැවින් පාර්ලිමේන්තුව තුළ සිදු කෙරෙන සියලු ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වී අදාළ කරුණු කාරණා රජයට වාර්තා කිරීම එතුමා සතු වගකීමක් වෙයි.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය - 8වැනි පාර්ලිමේන්තුව
ගරු දිනේෂ් ගුණවර්ධන
2020 ජනවාරි 03 සිට to 2020 මාර්තු 02
2020 අගෝස්තු 20 සිට to 2021 ජූලි 21
ගරු ලක්‍ෂ්මන් කිරිඇල්ල
2015 සැප්. 01 සිට 2018 ඔක්. 26
2018 දෙසැ. 18 සිට 2020 ජන. 02
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය - 7වැනි පාර්ලිමේන්තුව
ගරු ලක්‍ෂ්මන් කිරිඇල්ල
2015 ජන. 20 සිට 2015 ජූනි 26
ගරු නිමල් සිරිපාල ද සිල්වා
2010 මැයි 02 සිට 2015 ජන. 20
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය - 6වැනි පාර්ලිමේන්තුව
ගරු නිමල් සිරිපාල ද සිල්වා
ගරු නිමල් සිරිපාල ද සිල්වා
2005 අගෝ. 09 සිට 2010 පෙබ. 09
2010 මාර්තු 09 සිට 2010 අප්‍රේල් 20
ගරු මෛත්‍රීපාල සිරිසේන
ගරු මෛත්‍රීපාල සිරිසේන
2004 මැයි 03 සිට 2005 අගෝ. 09
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය - 5වැනි පාර්ලිමේන්තුව
ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර
ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර
2002 ජන. 03 සිට 2004 පෙබ. 7
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය - 4වැනි පාර්ලිමේන්තුව
ගරු රිචර්ඩ් පතිරණ
ගරු රිචර්ඩ් පතිරණ
2000 ඔක්. 18 සිට 2001 ඔක්. 10
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය - 3වැනි පාර්ලිමේන්තුව
ගරු රත්නසිරි වික්‍ර‍නායක
ගරු රත්නසිරි වික්‍රමනායක
1994 අගෝ. 25 සිට 2000 අගෝ. 18
2000 සැප්. 14 සිට 2000 ඔක්. 10
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය - 2වැනි පාර්ලිමේන්තුව
ගරු විජයපාල මෙන්ඩිස්
ගරු විජයපාල මෙන්ඩිස්
1993 මැයි 07 සිට 1994 ජූනි 24
ගරු රනිල් වික්‍ර‍මසිංහ
ගරු රනිල් වික්‍ර‍මසිංහ
1989 මාර්තු 06 සිට 1993 මැයි 07
2වැනි ජාතික රාජ්‍ය සභාව සහ ප්‍රථම පාර්ලිමේන්තුව
ගරු රණසිංහ ප්‍රේමදාස
ගරු රණසිංහ ප්‍රේමදාස
1977 ජූලි 26 සිට 1988 දෙසැ. 20
7වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) සහ ප්‍රථම ජාතික රාජ්‍ය සභාව
ගරු මෛත්‍ර‍ීපාල සේනානායක
ගරු මෛත්‍ර‍ීපාල සේනානායක
1970 ජූනි 07 සිට 1977 මැයි 18
6වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
ගරු සී.පී. ද සිල්වා
ගරු සී.පී. ද සිල්වා
1965 අප්‍රේල් 05 සිට 1970 මාර්තු 25
5වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
ගරු සී.පී. ද සිල්වා
ගරු සී.පී. ද සිල්වා
1960 අගෝ. 05 සිට 1964 දෙසැ. 17
4වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
ගරු ජේ.ආර්. ජයවර්ධන
ගරු ජේ.ආර්. ජයවර්ධන
1960 මාර්තු 30 සිට 1960 අප්‍රේල් 23
3වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
ගරු සී.පී. ද සිල්වා
ගරු සී.පී. ද සිල්වා
1956 අප්‍රේල් 19 සිට 1959 දෙසැ. 05
2වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
ගරු ජේ.ආර්. ජයවර්ධන
ගරු ජේ.ආර්. ජයවර්ධන
1953 ඔක්. 29 සිට 1956 පෙබ. 18
ශ්‍රීමත් ජොන් කොතලාවල
ශ්‍රීමත් ජොන් කොතලාවල
1952 ජූනි 19 සිට 1953 ඔක්. 12
පලමුවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය)
ශ්‍රීමත් ජොන් කොතලාවල
ශ්‍රීමත් ජොන් කොතලාවල
1951 ජූලි 12 සිට 1952 අප්‍රේල් 08
ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක
ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක
1947 සැප්. 26 සිට 1951 ජූලි 12
ප්‍රථම හා දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව
ගරු ඩී.එස්. සේනානායක
ගරු ඩී.එස්. සේනානායක
1942 දෙසැ. 02 සිට 1947 ජූලි 04
ශ්‍රීමත් ඩී.බී. ජයතිලක
ශ්‍රීමත් ඩී.බී. ජයතිලක
1931 ජූලි 10 සිට 1942 නොවැ. 30