ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව අනුව,
“සෑම පනත් කෙටුම්පතක්ම පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට යටත් පිරිසෙයින් දවස් හතකට (07) පෙර ගැසට් පත්‍රයේ පළ කළ යුත්තේය."
ඉනික්බිතිව පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.
එතකුදු වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව අනුව පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මකවන අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබා දෙන තෙක් හෝ ඒ යොමු කිරීමේ නැතහොත් පෙත්සමේ දින සිට සති තුනක කාල සීමාවක් ඉකුත්වන තෙක් හෝ යන මෙයින් පළමුව එළඹෙන දිනය තෙක් ඒ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කිසිම පියවරක් නොගත යුත්තේය.
පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පහත සඳහන් ලිපිලේඛන ඉදිරිපත් කළ යුතුය.